Tuesday, February 22, 2011

Gmail හරහා Facebook යන්න කැමතිද?

සාමාන්‍යයෙන් ඔබ Gmail හා Facebook පාවිච්චි කරන්නේනම් හෝ මෙම වෙබ් අඩවි දෙකම එකවර පාවිච්චි කරන්නෙක් නම් දැන් තියනවා ක්රමයක් Gmail තුලින් කෙලින්ම Facebook login අතුරුමුහුණතක්. මේකෙන් Gmail Account එකට log වෙලා ඉන්න ගමන් Facebook යන්න හරිම ලේසියි.

මෙම ක්‍රමය යොදාගැනීමට නම් මම මේ පෙන්නලා තියන විදිහටම සැකසුම් ටික හදාගන්න ඕන.

1.පළමුවෙන්ම යන්න තියෙන්නෙ Gmail -> Settings -> Labs වලට. ඊට පස්සෙ “Add any gadget by URL” කියන එකේ Enable button එක උඩ Click කරන්න. එතකොට Gmail Settings වලට “Gadgets” කියල අලුතෙන් ටැබ් එකක් එකතු වෙයි.


2.ඊට පස්සේ කරන්න තියෙන්නෙ “Gadgets” tab එකට යනඑක, එතනට ගියාම  පහලින් දාල තියන ලින්ක් එක එතනට Copy කරන්න. දැන් Add button එක උඩ Click කරන්න
http://hosting.gmodules.com/ig/gadgets/file/104971404861070329537/facebook.xml


 
3. මේ වෙනකොට ඔයාට Gmail main page වම් පැත්තේ menu එකේ gadget icon එක හොයාගන්න පුළුවන් වෙන්න ඕන. ඒක උඩ Click කලාම ඔයාලට පෙනේවි facebook වලට ලොග් වෙන්න අපි හදපු ගැජට් ඒක වැඩකරන හැටි. මේකෙන් අපට Gmail log වෙලා ඉන්න ගමන් කරදර වෙන්නෙ නැතුව facebook ලෝග්වෙන්න පුළුවන්.



 මේ  ක්‍රමය ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ වැඩකරනගමන් වගේ Gmail යන ගමන්ම Facebook ඉන්න පුළුවන් නිසා තමයි. ඒවගේම මේකෙන් තමන්ගේ Status Update කරන ගමන්ම යාළුවන්ගේ Update වෙන Status එහෙමත් Realtime බලාගන්න පුළුවන්. කලින් කියන්න අමතක උනා, මේකෙන් Chat කරන්න බැහැ, හොඳේ......

එහෙනම්,
මගේ බ්ලොග් ඒක බලන, නොබලන හැමෝටම ජයවේවා!

No comments:

Post a Comment